|
මතක බණක්...
![]() නොසිතුව ලෙස ඔබ ඇවිදින්
නෙතු අංජන තවරා....
මා නොසිතුව නිමේෂයේ
හද ගී විල කලඹා.....
මතක බණක් සේ හඩ ඇසිලා
තුන් සිත සසල වුනා...
දෙව් අගනක රූසිරි දැකලා
සෙනෙහස් වාන් දොරටු බිදුනා...
වදන් නැතුව...ගොලු වි ගිය...ගී පොත
මොහොතක්..මා.. සුරතේ රැදුනා
කතා කරන ඒ..ඇස් දෙක..අද්දර
මතකයි....මේ පද වැල...ගෙතුනා
අඩවිය - විඳින්න එන්න
මිදෙන දුක
සඳ නෑවිත් අද තනියට
තරු යායම දුල් විදිමුත්
දැනුනා හිත් අහස බරට
රෑ අඳුරේ වියෝ කඳුලු
නුඹේ නමින් ගලා නොගිය
උනා නෙත් කෙවෙනි අග මිදි
අඩවිය - අකු
|
ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දිනූ වාසනාවන්තයා
ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පු රස්සාවට කළේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරු වැඩය. ලද ඉසිඹුවකදී තේ කෝප්පයක් බොන්නට ඔහු අසල තිබූ කඩයකට ගොඩවෙද්දී එතැන ස්වීප් වෙළෙන්දෙක් සිටියේය. තේ කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්වීප් වෙළෙන්දා වටකරගෙන ස්වීප් මිලට ගනිමින් සිටියහ. ”දිනුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු මුදලක් හම්බ වෙන්නෙ.” ස්වීප් මිලට ගත් කෙනෙක් කීවේය.... කිරිඅප්පු ස්වීප් වෙළෙන්දාට කිට්ටු වී එක ලොතරැයියක මිල ඇසුවේය. ”ශත පනහයි” ඔහු කීවේය. රුපියල් ලක්ෂයේ මුදලකට ආශා කළ කිරිඅප්පු අතේ තිබූ ශත පනහක් දී එක ලොතරැයි පතක් මිලට ගත්තේය. ඒ ලොතරැයිය ගෙදර ගෙනගොස් සාලයේ එල්ලා තිබූ ගෝන අං තට්ටුව අස්සේ ගැසූ කිරිඅප්පු තේ කොප්පයක් බී පුරුදු විදිහටම කල් ගෙව්වේය. මේ සිද්ධිය වූයේ 1955 සැප්තැම්බර් මාසයේ එක්තරා දවසකය. යාම්තම් තුනේ පන්තියට පමණක් ඉගෙන තිබූ කිරිඅප්පු පුංචි සන්දියේම කුලියක් මලියක් කරගෙන ජීවත්වූයේ ඔහුට බාල සහෝදර සහෝදරියන් දහ දෙනකුගේ බඩගින්දර සමග සටන් කරන්නටය. පුරා මාසයක් මහන්සි වූ විට ඔහුට ලැබුණේ රුපියල් සීයක පඩියකි. ඒ පඩිය ඔහුට මහමෙරක් තරම් වටිනාකමකින් යුතු විය.කාලය ගෙවී ගියේය. අඩවිය - කසසුන්ගේ මුහුද යට.com |
පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,
කිරි දතකින් සිනාසලන රන්කිරි පුතුනේ,,,
පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,
සුදු කොපුලේ විකසිත කුසුමේ,,,
ඇරයුම මව් පියනට සිපගන්නටවේ,,,
කසු කුසු දෙතොලේ පවසන වදන්,,, නොදනි ත් කදිමයි අත්පුඩි තලන්,,,
පියෙකුගෙ හසරැල් පුතෙකුන් උපන්,,,
රැඳුනේ හුස්මත් මව් පිය ලඟින්,,,
සිත පිරි හැඟුම් කඳුලින් ගලන්,,, කිරි වුනි ලැමක් මවකගෙ ලෙයින්,,,
හිරු සඳු නැතත් පියෙකුගෙ හිතින්,,,
සැනසේ සිතක් දරු සෙනෙහසින්,,,
අඩවිය - සිත් රූ සෝබා
විඳින මල් සුවඳ
පාන්දර යාමයේ.....
ඔබේ ගෙයි දොරකඩම... පිපුණු සුවඳැති මලක... සුවඳ විඳිනට නොහැකි ඔබ... සොයන්නේ ඇයි සබඳ... අනුන්ගේ ගෙවත්තක... පිපුණු මල වල සුවඳ.... අඩවිය - මියුරු කල්පනා
|