ලාංකීය සිතුවිලි
සිංහල

එකෝමත් එක කාලෙක, ආදර කතාවක් | Once upon a time, A Love Story

ඇයගේ සටහන් පොත මා අහුලා ගත් බව සඳහන් කරමින් මා යැවූ විද්‍යුත් තැපෑලට දින කිහිපයක ඇවෑමෙන් ලැබුණු පිළිතුරෙන් ඇරඹි අප හිතවත් කම දිනෙන් දින දළු ළා වැඩුනේ හිතාගන්නටවත් බැරි තරම් වේගයකින්… මගේ පාඨමාලාව නිමා වීමට ආසන්න කාලය වෙද්දී කිසිදා මුණගැසී නොතිබුණු අප දෙදෙනා එකිනෙකාට දුරකතනයෙන් අමතන්නේ නැති දිනයක් නොමැති තරමට අප සම්බන්ධය නොදැනීම වර්ධනය වී තිබුණා... ඇයගේ සරල කමට යටින් දිවෙන ජිවිතාබෝධය මා සිත දිනෙන් දින ඇද ගත්තේ මටත් නොදැනී මා ඇය හා පෙමින් වෙළී ඇති බව එක්තරා දිනයක මා හට පසක් කරමින්...

සිතුම් පැතුම් හා එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය තුළින් අප දෙදෙනා දෙදෙනෙකු නොව එකෙකු බව ඒ වන විටත් අප දැන සිටියත් එය එකිනෙකාට ප්‍රකාශ නොකර සිටීමට මොකද්දෝ හේතුවක් නිසා අප දෙදෙනාම ප්‍රවේසම් වී සිටියා... ප්‍රථම ප්‍රේමයේ ගිණිපෙනෙල්ලෙන් බැට කා ඇය සිටියේ කණා මැදිරි එළියටත් බයෙන්… ඇයගේ ආදරය දිනා ගැනීමටත් වඩා මා හටද අවැසි වුනේ ඇයගේ ගිලන් හිත සුවපත් වනවා දැකීමටයි... ආදරයේ සුන්දරත්වය ගැන පැය ගනන් දොඩමළු වන අප දෙදෙනා, කිය යුතු යමක් හදවතෙහි සිරකරගෙන දුරකථන විසන්ධි කරනුයේ හෙට දිනයේ නැවත කතාකරනා පොරොන්දුව සමඟින්... පෙම්වතුන් වන එහෙත් පෙම්වතුන් නොවන මේ අසාමාන්‍ය හැඟීම අවසන් කර ඇය සදහටම මා සතු කරගැනීමේ අදහස ඇය හමුවී පවසනවා යැයි නැවත මව්බිමට පැමිණීමට දින වකවානු ලං වෙද්දී මම තීරණය කලා... >>>

අඩවිය - බීටල් ලියන අකුරු

"අනේ ඇයි අම්මේ......"

"අනේ ඇයි අම්මේ
මනුසත්තු අලිඇත්තුන්ට
මෙතරම් වයිර
කරන්නේ............

අපේ කැළෑ එලිකරල
ඒ ඇත්තො
හේනක් පැලක්
අටවගෙන
වගා කරනව
තමයි........
ඒකකට පැනල
අලයක් බතලයක්
උගුල්ලන් කෑවෙ
ඒ අයගෙන්
පලිගන්නවත්
වගා පාලු කරන්නවත්
නෙමෙයි.......>>
අඩවිය -  සොඳුරු මිනිසා 
ඔබ …

ඔබ සිහිනයකි …
නෑ මිරිගුවකි …
දිසෙන නෙතු මානයෙන් ඔබ …

සුපිපි ලිය තඹර ඔබ
හද විලට සුවඳ දෙන …
අමා දිය බිඳකි ඔබ
පිපාසිත තොල් මතට …

හද පාරවන මතකයයි ඔබ …
නෙතු අගට නින්දක් නොදෙන …

නෙතු ළඟම නොපිපුණත්
දුරු ඈත සිට මදෙස
නෙතු හෙලන මදහසයි ඔබ …
කිතිකවන හද මඩල …
ඔබ වෙනුවෙන් ම තැවෙන …

අඩවිය - සන්සරසිදු BlogSpot

 Clasic - HipHop

මගේ Classic පදවැල් වලට
ගැලපුනේම නෑ
උඹේ HipHop තනුව...

අඩවිය- සිතුවිල්ලක අරුම

 

 කවි ඔරුව

අකුරු අමුණා කවි ගොතන්
පිරූ පත්ඉරු නුඹ නමින්
තනා ඔරුවක්
පා කලෙමි මම...
මහා වැස්සේ සැඟවියන්!!

අඩවිය- සත් සිහින

 

 අඳුරු අහස...

මීදුමෙන් වැසුණු හිමිදිරි උදෑසන
සුමිහිරි කුරුළු නද
නිසල මද පවන
සුවඳ හමන ලස්සන මල් වලින්
විචිත්‍රවත් වූ පියකරු වූ
සුන්දරත්වය......
කොහේ සැඟවී ගියද? >>

අඩවිය- පැහැනද

 

 

 

 "සොඳුරු මිනිසා


අදහස් දැක්විම සඳහා විය යුතුය
කිසිම හිමිකමක් අහුරා නැත www.lankeeya.lk
info@lankeeya.lk