ලාංකීය සිතුවිලි
සිංහල
test test

අඩවිය - indika cartoon



මතකයෙන්..

ආයි ලියනව.විදුලි බලය ඇණ හිටල.ගේ ඉස්සරහ ලයිට් කණුවට නැගල එකෙක් මොනාද හදනවා.කවියක් ලියන්න පොත අතට ගත්තම ඔලුවට එන්නෙ "ඇල්කයින හැලජනීකරණය". මොනා කරන්නද,විභාගෙ ලඟටම ඇවිල්ල. ජීවිතේ ලඟින්ම හිටපු එක එකා (එක එකී) තමන්ව දාල යද්දි,ඒ අඩුව පුරවන්න කවුරුත් නැති වෙද්දි, හිතෙනව ආයිත් අතීතයට යන්න ඇත්නම් කියල. ආගම් කියල සංකල්පයක් මේ ලෝකෙ නොතිබ්බ නම් ඔබයි මායි එකතු වෙලා හුඟක් කල්. ඒත් ඔබේ ප්‍රතිපත්ති බිඳ දමල ඔබම වැඩ කරද්දි ඔබ මාව අත ඇරිය කියන හැඟීම සාධාරණයි. අන්තිමට උනේ තවත් යාළුවෙක් (යෙහෙළියක්) නැති වෙච්ච එක විතරයි. සමාජ සම්මතය බිඳගෙන උඹල දෙන්නට ඉන්න පුලුවන් නම්,ඇයි අපිට බැරි උනේ?. අහස කලුවෙලා වහින්නද මන්ද. අරූ ලයිට් කණුවෙන් බැහැල ඉනිමග තියල ගිහිල්ල. පිස්සෙක් ද කොහෙද.

මම බලාපොරොත්තු උන පරිපූර්ණත්වය ඔබේ නොතිබ්බට එහෙම එවුන් මේ ලෝකෙ ඉන්නව කියල මට බලාපොරොත්තු දුන්නෙ ඔබ. කොහොම හරි අන්තිමට ඔබ ගිහිල්ල. ආයි එන්න නම් එපා මම දෑත් බදල පිළිගන්නෙ නෑ ඔබව. සමහර විට කෙනක් ඇති මම වෙනුවෙන් කොහෙ හරි ඉඳල බලාගෙන.අවුරුදු 18ක් ගිහිල්ල ඒත් තාම හම්බෙලා නැති. සමහර විට ඔබයි මායි හමුවෙයි දවසක කොහෙහරි. එහෙම වෙන්න තියන ඉඩකඩ හුඟක් වැඩී.  එදාට මම ඉන්නම් ඔබව කිසිදිනක නොදැනපු විදිහට.
මතකයන් ගුලි කරල වීසි කරන්න ඔනෙ උනත්,හිත දෙන්නෙ නෑ දිනපොතට ගිනි තියන්න. ඔබ වෙනුවෙන් මම ලියයි දිගටම. ඒත් කාලය ඇවිල්ල ඔබව අමතක කරන්න. කාලය ඇවිල්ල තනියෙන් ඉන්න, පුරුද්දටත් එක්ක. වැහිලේන්නු ඉගිලෙන තරමට වහින්නෙ නෑලු.  ලයිට් ආවා.

අඩවිය - පියසටහන්.
කසාදය..
අම්මාට අනුව යුතුකමකි...
තාත්තාට අනුව  දිවි සවියකි...
අයියාට අනුව  සමාජීය අවශ්‍යතාවයකි...
නංගීට අනුව  ආරක්ෂාවකි...
මට අනවශ්‍ය බරකි...
කසාදය..
අඩවිය - සිත් වෙරළ

෴ ගැලපීම ෴

ඒ බලපන්කෝ අර කපල් එක.....
කෙල්ල සුදුයි, ලස්සනයි
කොල්ලා කළුයි, කැතයි.......
කෙල්ල සුරඟනක් වගේ
කොල්ලා යකේක් වගේ.....
කෙල්ලගේ ඇස් පොට්ටද
කෙල්ලට පිස්සුද කොහෙද.......
කෙල්ල මොකට කැමති වුනාද මන්දා
සල්ලි වලටද දන්නෑනේ
වෙන්න ඇති....
කොල්ලා කෙල්ලව රවට්ටලා......
අනේ පව්.........
>>>

අඩවිය - ෴ හසියා ගේ නවාතැන ෴

මගේ නිවන මට දුන්නේ මූණුපොතයි

වැවයි දාගැබයි තව පංසලයි           ගමයි
මොනිටර් කී බෝඩ් එක්කල         මූෂිකයයි
ෆොටෝ ටැගයි ස්ටේටස් සමඟ          චැටුයි
මගේ නිවන මට දුන්නේ          මූණුපොතයි
     


ආදර ගඟේ  පැද හබලක් නැති               පාරූ
"ලොවෙත් " කෙල්ලො චැට් එකේදි       කයිවාරූ
දැකලත් නැති එවුං සැට් කර එකතු           කෙරූ
"මාක් සූකර්" ද කවුද උඹනං             මරේ මරූ
>>>

අඩවිය - අනීවාරතේ

 

        
නූතන් ගජමන් නෝනාගෙ (න්) ඇළ පාත මුදලිට 18+
         
          බහිනව නෙවෙයි මුදලි තමුසෙ
                                                         ඇළට...
          නාන්න හොද නෑ නෙවෙ තාම
                                                        ඔහෙට...
          යනව පහල අර තියෙන සුදු
                                                          ගලට...
          ඕනෙ කැටයමක් ගලේ එන්නෙ නෑ
                                                          උඩට...

   අඩවිය - ලට්ට ලොට්ට
     

 

 

 



අදහස් දැක්විම සඳහා විය යුතුය
කිසිම හිමිකමක් අහුරා නැත www.lankeeya.lk
info@lankeeya.lk