ලාංකීය සිතුවිලි
සිංහල
කවුද ඈ?






තනිමග
නොරැඳෙයි
කසාදෙට පෙර
පඳුරු ගානේ
නොනිදයි
මදුවිතක් දෙසවත්
නොබලයි
මේ පිරිමි ලොව
පිරිමියට තැන දෙයි
පාසැලට සමුදෙයි
ගෙදර දොර
වැඩ
ඉයුම් පිහුම්
මැහුම් ගෙතුම්
ටිකෙන් ටික
හුරු වෙයි
කල වයස
පැමිණි කල
හැඩි දැඩි
හද මුදු
පිරිමියෙකු
අත පතයි
කවුද ඈ?
හෙළ බොදු
කුළ කතද?
නෑ..
සංකර
ලංඩන් පුරවර
ජිප්සි කෙල්ලක්...

අඩවිය - වවුල් තිප්පොලේ සිට..

රෝස මලේ නටුවෙ කටූ.. 

රෝස මලේ නටුවෙ කටූ

තරුණ ළමෝ ඔහොම හිටූ

නටුව නොදැක මල සිඹිතී

දැන් ළමයෝ කටු ඇනෙතී

අඩවිය - කවිද මන්දා..



මම දිවි නසා ගන්නෙමි


මීනි පෙට්ටිය මත උඩුබැලි අතට වැතිර ඇති මගේ දේහය දකින මට මම මිය ගොස් ඇති බව සිතාගත හැකිවිමි. දැතට තුරැළු කරගත් මල් කළඹකින් යුතුව මා සුවසේ නිදා සිටින්නේ යැ යි මට සිතේ.

සුදු පැහැති  සාරියකින් සැරසි මගේ දියණිය මගේ දේහය අසල පුටුවක හිඳ කඳුළු වගුරවමින් සිටින අයුරැ දකින මගේ සිතට දුක් මුසු හැඟිමක් පැමිණියත් කඳුළු කැට වැටෙන්නෙ නැත. මම තව දුරටත් මිනිසෙකු නොව හුදෙක්ම ආත්මයක් වන බැවින් යැයි මට ඉක්මනින්ම අවබෝධවිය. නැතිනම් වෙන මොකෙක් හරි වෙන්නත් බැරි නැත.

පැමිණියවුන් හඬති, දොඩති, කඳුළු සලති... මගේ බිරිඳ ජිවත්ව සිටියනම් ඇයත් දියණිය මෙන්ම සමහර විට ඉටත් වඩා හඬනු ඇත. හදිසියේම දියණිය භාවනාවකට සමවැදුනාක් මෙන් නොසැලි සිටින්නෙ මන්දයැයි සිතන්නට විනි... ඇය ටිකෙන් ටික කළු පැහැ වන්නට විය... මගේ දිවි තොරකර ගැනිමට හේතුව ඇයට පසක් වන්නට ඇත.

දිවි නසා ගන්නට සති කිහිපයකට පෙර සිදුවිමක් ඇයට මතක් වි ඇතුවාට සැකයක් නැත. උදැසන තේ කොප්පය රැගෙන ආ දියණිය මගේ ඇඳ පැත්තකින් වාඩි විය. ඇයම කතාව පටන් ගත් බැවින් මම නිහඬව අසා සිටිමි.

“තාත්තේ තාත්තා හැමදාම මහා රෑ බීගේන ගෙදර එනවා. ඒ මදිවට ඇවිල්ලත් බොනවා. දවසෙන් පැය 12ක් ඉන්නෙ වෙරිවෙලා. විහඟලාගේ ගෙදර කට්ටියට තාත්තා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔනේලු. කොහොද ඉතින් වෙලාවක් තාත්තා බී ගත්ත ගමන්මනේ. තාත්තා නිසා මටත් ප්‍රශ්න ඇති වෙනවා. අනික බේබද්දෙක්ගේ දුවෙක්ට තමන්ගේ එකම පුතාව දෙන්න එයාලා කැමති වෙයිද? අනික අහල පහල මිනිස්සුන්ගේ කතා තාත්තා බීලා කෑගහනවා කියලා මට පාරේ බැහැලා යන්න විදියක් නැ. මිනිස්සුන්ට විතරක් නෙමෙයි තාත්තාව මටත් දැන් නාඩගමක් වෙලා.”

“ලගදිම මම දුගේ ප්‍රශ්න ටික නැතිකරලා දෙන්නම් දු බයවෙන්න එපා”

ඇය ගිය පසු තනිවම සිතන්නට විය. “මම දැන් නාඩගමක් වෙලාලු හැමොටම දෙයියනේ. මගේ දු පැටියා දැන් බඳින්න ඉන්න නිසා මට බයක් නැ. බාගවිට මං නැතුවට එයාට ප්‍රශ්නයක් වෙන එකක් නැ. තින ප්‍රශ්නත් අඩු වුනොත් මිසක්. එයා පුංචි දවස් වල එයාගේ ප්‍රශ්න විසදුවේ මං. එත් එයා ලොකු වුනාම දැන් එයාට මාවම ප්‍රශ්නයක් වෙලා. හ්ම්ම්ම්....  දු පැටියව මේ ලෝකෙට දිලා ඔයාවයි මාවයි දෙන්නම තනි කරලා අම්මා ගියා.  අම්මා නැති අඩුව පුරවන්න මම කෙනෙක් ගෙනාවෙ නැත්තෙ මගේ දුට මගේ මුළු ආදරේම දෙන්න ඔනේ වුනු නිසා. මගේ හිතේ තිබුන දුගේ අම්මාගේ මතකය අමතක කරන්න බීවුවට බීලා වේදනාවට ටිකක් කෑ ගැහුවට මම නාඩගමක් වුනාද පුතේ?”


එදා සිදුවිමෙන් පසු අද දිනට පෙර දින මම වස පානය කර දිවි තොරකර ගතිමි. මම දියණියගේ ප්‍රශ්න විසදුනායැයි සිතමි. නමුත් තවත් ඇය හඬන්නේ ඇයි දැයි ඉතා පුදුමසහාගතය...... ?

අඩවිය - ෴මහි෴ 
The Computer is -
අළුත් අර්ථදැක්වීම




අඩවිය - cartesian


real meaning of education z



අඩවිය - indika cartoon

 
උඹ නිසා මම



අඩවිය - නොදරුවා



අදහස් දැක්විම සඳහා විය යුතුය
කිසිම හිමිකමක් අහුරා නැත www.lankeeya.lk
info@lankeeya.lk