|
යට ඇඳුම පෙනෙන්න ඇඳීම
![]()
අඩවිය - All is one
රියලිටි(ද මන්දා)
වලාකුළු මත රැඳුන දිය බිඳු
සිහින් පොද වැස්සක් වෙලා
චණ්ඩ හිරු රැස් කලක සිට වැද
රත්ව ගිය බිම තෙත් කළා
වැටුණ වැහි බිඳු වැදී ඇහැරුණ
පුංචි දුහුවිලි කැට පවා
ඇස් අරින්නට මග බලා සිටි
ගසක දළු සිප සැනසුවා
උඩින් පොළවට බිමින් අහසට යනෙන එක වෙහෙසක් නිසා
හිරු මතට බැස හිරු නිවන්නට
වලාකුළු කතිකා කළා
එකට එක්වුණු වලාකුළු රැස
හිරුට ටික ටික ළඟා වෙද්දී
රුදුරු ගිනි දැල් වැදී සැණෙකින්
ජීවිතය අහවර කළා
පලා ගොස් සිය දිවිය රකගත් එකම දිය බිංදුවක් පමණක්
කලක් එහෙ මෙහෙ පාවෙලා ගොස්
පොළෝ තලයට එක් උණා
අඩවිය - අනන්තය |
චාල්ස් ගුඩ්ඉයර්ගේ කතාව
සමහරවිට මේ නම අහල නැති වුනත් පාරෙ තොටේදි මෙන්න මේ GOODYEAR ලාංඡනේ නම් කවුරුත් දැකල ඇති. නමුත් චාර්ල්ස් ගුඩ්ඉයර් කියන්නෙ මේ ගුඩ්ඉයර් ටයර් සමාගමට එතරම් සම්බන්ධයක් තියන කෙනෙක් නෙමෙයි.මේ කතාව පටන් ගන්නෙ අවුරුදු 270 ගානකට කලින් සිද්දවුනු සිද්දියකින්…ප්‍රංශ ආකාශ වස්තු විද්‍යාඥ කණ්ඩායමක් දකුනු ඇමරිකාවෙ පේරු රටට යනවා 1735දි.එහෙදි පාට රහිත දියර වර්ගයක් නිකුත් කරන ගහක් ගැන ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමට දැනගන්න ලැබෙනවා.පේරු රටේ මිනිස්සු මේ දියර(ලාටු) වර්ගයෙන් පාවහන් වගේ භාන්ඩ හදාගෙන පාවිච්චි කරනවා ඔවුන් දකිනවා.මේ කියන්නේ රබර් ගහ ගැනයි!ඉතිං ප්‍රංශ ජාතිකයො යුරෝපයට හඳුන්වා දීපු රබර් වලින් භාන්ඩ හදන පලවෙනි කම්හල 1811 ඔස්ට්‍රියාවෙ වියානා නුවරදි ආරම්භ වෙනවා.1820,1830 වෙද්දි ප්‍රංශය ඇතුලු යුරෝපයේ රටවල් බොහොමයක් රබර් නිශ්පාදනයට යොමු වෙනවා.ඔවුන් රබර් වලින් විශාල ආදායමක් උපයගන්නවා.“රොක්ස්බරි ඉන්ඩියා රබර් කම්පැනි” කියන්නෙ ඒ වගේ රබර් නිශ්පාදන නිශ්පාදනය කරපු සමාගමක්.නමුත් රබර් භාන්ඩ නිශ්පාදන කර්මාන්තය දියුනුවට පත් වුනේ රබර් භාන්ඩ ඉර එලියට අහුවුනාම ගඳ ගහන අප්‍රසන්න ද්‍රව්‍යක් බවට පත්වෙන හැටි මිනිස්සුන්ට තේරුම් යනකන් විතරයි. අපේ කතා නායකයා චාර්ල්ස් ගුඩ්ඉයර් ගෙ කතාව පටන් ගන්නෙ මෙතැනින්.1836දි රොක්ස්බරි සමාගමට එන ගුඩ්ඉයර් ඒ සමාගමෙන් නිපදවන රබර් ටියුබ් වලට සවිකරන වෑල්වය අංග සම්පූර්න කරන්න බාරගන්නවා.ඒ අතරතුර රබර් වලට සිදුවී ඇති දෙය දැනගන්න ගුඩ්ඉයර් ඒකටත් විසඳුමක් හොයන්න ඉදිරිපත් වෙනවා.ගුඩ් ඉයර් කියන්නෙ රසායන විද්‍යාඥයෙකුවත් කාර්මික ශිල්පියෙකුවත් නෙමෙයි.නමුත් ඒ ගැන දෙවරක් නොහිතා අභියෝගය ඔහු බාරගන්නවා.මුලදි ඔහු සිහින් රබර් සිවියට දියලුනු,මිරිස්,සීනි,වැලි,එඬරු තෙල්,සුප් ආදියත් මිශ්‍ර කරනවා.“ලෝකයේ තිබෙන සියලුම ද්‍රව්‍ය වලින් පර්යේෂන පැවැත්වුවහොත්,කෙසේ හෝ යමක් සොයා ගත හැකියි” එහෙම විහිළුවට කියමින් ඔහු පර්යේෂන පවත්වනවා…ණයට ගත් මුදලින් ‘රබර් භාන්ඩ පිරික්සන කම්හලක්’ පටන් ගන්න ගුඩ් ඉයර් හමුවෙන හැම ද්‍රව්‍යක් එක්කම රබර් මිශ්‍ර කර බලනවා.ඔහුට පලවෙනි පාරට වාසනාවක් පෑදෙන්නෙ මැග්නීසියම් වලින්.නම්‍යතාවයෙන් යුත් ශක්තිමත් රබර් මිශ්‍රනයක් ලබාගන්න රබර් රාත්තලකට මැග්නීසියම් රාත්තලක් යෙදීමෙන් පුලුවන් බව ඔහු සොයාගන්නවා.නමුත් ඒ සොයාගැනීමත් මාසයක් ඇතුලත අසාර්ථක වෙනවා.රබර් කම්හලත් ගෙයත් විකුනා දමන ගුඩ් ඉයර් තමන්ගෙ පරීක්ශන දිගටම කරගෙන යන්න තීරනය කරනවා.
අඩවිය - අන්තිම පේලිය
කලුගලක කවිය
![]() අඩවිය - කවිමුතු
|
අම්මාගේ ආ(ලෝකේ)....
අකිකරු දැල්ලක්ව,
විටින් විට එළිය දුන්,
ගෙදර තිබු කුප්පි ලාම්පුව,
සොරු අරං ගියා නොව...
ඉනික්බිති..., ගෙදර තිබු මිණි පහණ, නැති උනයි සෝ දුකින්,
වැළපෙනවා හැමදාම,
අම්මා එළියක් සොයා....
කළක් ගත වු කළි, දැල්වෙමින් බැබළෙනා,
මිණි පහණකුත් අරං,
අයියා ගෙට ගොඩ උනා...
ටික දොහක් ගිය කල්හි..., හෑම විටම බැබළුනත්, නිවෙන්නට වෙර දරන,
ඉටි පහන වගෙ යැයි,
අම්මගෙන් අවලාද...
අඩවිය - පින්තාරු වු යන්තර
මුමුණන්න මිහිදුමට
![]() මිහිදුමෙන් පිරි මාවතේ
සීත පමණකි මා වටේ
මැටෙන වැහි බිඳු හා එතී
තනිය තනිවී හිනැහෙතේ
රැහැයි සුසුමක සැඟවිලා පහන් කණු සෙවනට වෙලා
තනිව මුමුණමි ඔබේ නම මම
මං පෙතේ ඉවුරට වෙලා
අඩවිය - අකූ |